අප රටට දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු බාල බවට දිගින් දිගටම රජයටත් ජනාධිපතිවරයාටත් විෂය භාර අමාත්‍යවරයාට පවා සමගි ජන බලවේගය විසින් පෙන්වා දුන් බවත් මේ අවස්ථාවේ එම කරුණු තවදුරටත් තහවුරු කරමින් මහජන උපයෝගීතා කොමිෂම ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් මේ ගෙන් වූ ගල් අගුරු බාල බවට තහවුරු වන බවත් මේ වාර්තාව රුසියාවෙන් ගෙන ආ ගල් අගුරු සහ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු සංසදනය කර පෙන්වා දී ඇති දත්ත අනුව පෙනී යන්නේ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු බාල ගල් අගුරු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහජන උපයෝගීතා කොමිසම විසින් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අගුරු සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
වාර්තාව අනුව බලාගාරයට සම්පූර්ණ ජනන ධාරිතාව නිපදවීමට මේ දකුණු අප්‍රිකානු ගල් අගුරු අපොහොසත් වී ඇති බවට පෙනී යන බවත් මෙගාවොට් 300ක් නිපදවිය යුතු වුවත් කුමන අවස්ථාවේදී හෝ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු නැව්වලින් නිපදවිය නොහැකි වී ඇති බවත් ඊට අමතරව සාමාන්‍ය ගල් අගුරු දහන අනුපාතය දෙස බලන විට රුසියානු ගල් අගුරුවලට වඩා ඉහළ සාමාන්‍ය ගල් අගුරු දහන අනුපාතයක් මෙහි වාර්තා වන බවත් ඉන් ද මේ ගල් අගුරු බාල බවට ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිශ්චිත ගල් අගුරු දහනය දෙස බලන විට පවා මේ වාර්තාවට අනුව රුසියානු ගල් අගුරුවලට වඩා ඉහළ අගයක් දකුණු අප්‍රිකාවේ බාල ගල් අගුරු තුළ පෙනී යන බවත් බලාගාරයේ කාර්යසාධන දත්ත අනුව ද පෙනී යන්නේ අවශ්‍යව ඇත්තේ 5900 සිට 6150 හෝ 6200ක් ලෙස GCE අගය ලබා ගැනීමට පවා නොහැකි වී ඇති බවත් මෙහි විශේෂයෙන් සඳහන් ආකාරයට ලෝර්ඩ්පෝර්ට් සහ ඩිස්පැච් රිපෝර්ට්වලට වඩා වඩාත් නිවැරදි වාර්තාව ලෙස ලක්විජය වාර්තාව දැක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අමාත්‍යාංශය හෝ විදුලි බල මණ්ඩලය හෝ ඇමතිවරයා පවා ලක් විජය බලාගාරයේ වාර්තා පිළි නොගත්තත් මහජන උපයෝගීතා කොමිසම මේ වාර්තා පිළිගෙන දකුණු අප්‍රිකානු ගල් අගුරු බාල බවට විධිමත් ලෙස පෙන්වා දී ඇති බවත් පාවෙන අලු මුදා හැරීමේ දත්ත දෙස බැලීමේ දී රුසියානු ගල් අගුරුවල කිලෝවොට් පැයකට අලු කිලෝග්‍රෑම් 0.46ක් වුවත් දකුණු අප්‍රිකාවෙන් ගෙන්වූ ගල් අගුරුවල අලු ප්‍රමාණය කිලෝවොට් පැයකට කිලෝග්‍රෑම් 0.93ක් බවත් 102%ක වැඩිවීමක් බවත් මේ තුළින් ද පෙනෙන ආකාරයට පාවෙන අලු මුදා හැරීමේ දත්ත පිළිබඳ විශ්ලේණය කරන විට දකුණු අප්‍රිකානු ගල් අගුරු බාල බවට පෙනී යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය
මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව අනුව නැව් 9 සිදු වූ පාඩුව මිලියන 8497ක් බවත් ඊට අමතරව ඉහළ අලු අන්තර්ගතයක් පවතින බවත් හුමාල උෂ්ණත්ව සීමාව අභිබවා යෑම, බාල ගල් අගුරු නිසා උපකරණ අධික ලෙස ගෙවීම යාම, බොයිලේරුව ප්‍රමාණය ඉක්මවා රත්වීම නිසා උපකරණ හානි විය හැකි බවට සඳහන් බවත් මේ කරුණු දෙස බලන විට දකුණු අප්‍රිකාවෙන් වත්මන් රජය ගෙන්වන ලද ගල් අගුරු බාල බවත් මේ වන විට රජය හදිසි මිලදී ගැනීමේ ක්‍රියාවලියක ආරම්භයකට ගොස් තිබීම තුළ මෙය තවදුරටත් පැහැදිලි බවත් රජය ටොන් 60000 නැව් 5ක් ගෙන්වීමට සූදානම් බවත් අප රටට වසරකට නැව් 36ක් අවශ්‍යව තිබියදී තවත් නැව් 5ක් හදිසි මිලදී ගැනීමකට යන්නේ ටෙන්ඩර් පටිපාටිය තුළ අප රටට ගෙන්වන ගල් අගුරුවල ප්‍රමිතියේ අඩුවක් පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය දේ සම්බන්ධයෙන් දිගින් දිගටම පෙන්වා දෙන විට රජය එය ප්‍රතික්ෂේප කළ බවත් ඊට අමතරව ඇමතිවරු මේ ගල් අගුරු බාල වුවත් දූෂණයක් වුනේ නැ යැයි කිව්වත් මහජන උපයෝගීතා කොමිසම කළ දත්ත විශ්ලේෂණය තුළින් පෙනී යන්නේ වත්මන් රජය බාල ගල් අගුරු ගෙන ඒම බැවින් මේ සම්බන්ධයෙන් රජය උත්තර දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය
Lanka Newsweek © 2026